Friday, December 4, 2009

ඉරණමද ??


මේක මම ගොඩක් දවස් ඉදලා ලියන්න හිටිය මාතෘකාවක්

නමුත් වැඩ ගොඩකට මුහුණ දෙන්න වුන නිසා ලියන්න බැරි වුනා.
ඒ වගේම ඒ කතාව ඉවරවෙන්න ගොඩක් කල් ගියා.
සමහර විට එක ඉවර නැතුවත් ඇති මම මෙක දැක්කේ මම උදේ පාසලට යන කොට
ඒදා ‍පාරේ වෙනදා වගේ නෙමේ වෙනසක් තිබුණා ඒ ඉපදිලා සති 4ක විතර බලු පැට් තිදෙනක් හිටියා.
හැමදාම වගේ මම උදේ යනකොට ඒ තුන්දෙනා පාරේ සෙල්ලම් කරනවා.
ටික දවසක් යන කොට එතන දෙන්නයි හි‍ටියේ එත් මම හිතුවා එක්කෙනෙක්
කවුරු හරි ගෙනියන්න ඇති කියලා. දවසින් දවස මෙහෙම ගෙවිලා ගියා නමුත් දවසක් ඉතිරි
දෙදෙනා වෙනදා වගේම පාරේ සෙල්ලම් කරනවා. පාර මැද්දටම ඇවිල්ලා.
එත් එක්කම වගේ වේගයෙන් ආපු වාහානයක් යන්තම් තිරිංග තද කරලා එයලා ගාවම නවත්ත ගත්තා.
එතකොට තමයි මම දැන ගත්තතේ එයාලගේ අනෙක් සහෝදරයට වෙච්ච දේ
එක මට කිව්වේ ඒ වේලාවේ මාත් එක්කම හිටපු එදත් ඒ වේලාවේ හිටපු යලුවෙක්
ඉස්සෙල්ලා මම කිව්ව බලු පැටියට වෙලා තියෙන්නතේ මේ දේමයි නමුත් පොඩි වෙනසක් තිබ්බා
ඒ එදා වාහනය නවත්තන නැතුව ඒ බලු පැටියවත් යට කරගෙන ගිහින් තිබිමයි.
එදා ඉදලා මම මේ දෙන්නා ගැන බලා ගෙනම හිටියා. දෙන්න වෙනදා වගේම හැමදාම
සෙල්ලම් කර කර හිටියා. නමුත් දවසක් එතැන හිටියේ එකම එක බලු පැටියයි.
තව කෙනෙක් අතුරුදන් වෙලා සමහර විට එයාව කවුරුහරි එක්ක යන්න ඇති නැත්තම් අනෙක්
කෙනාට වුනු දේ වුනාද දන්නනේ නැහැ නමුත් මම එදා ඉදලා තවම ඒ බලු පැටියාව දැක්කෙ නැහැ.
මොවුන් තිදෙනා ඉපදුනේ එකට ජිවත් උනේ එකට නමුත් තුන්දෙනාට උනේ වෙන වෙන සිද්ධි දාමයන්
මෙසේ විම එයාලා තිදෙනාගේ ඉරණමද ???
මට හිතේන විදිහට මිනිස්සුන්ටත් මෙහෙ වෙනවා සමහර අය එකට ඉපදෙනවා සමහරු එකය ජිවත් වෙනවා
නමුත් කවදාහරි ඔවුන් වෙන් වෙනවා. මිනාසාගෙයි සත්තුන්ගෙයි වෙනස නම් මිනිස්සු මේක තේරුම් ගෙන
ජිවත් විමයි ( එසේ තේරුම් නොගන්නා මිනිසුන්ද නැතුවා‍ම නොවේ)
සමහර විට.......... මේකට වෙන්නැති ඉරණම කියන්නේ.

Friday, October 2, 2009

ඔහුගේ අවාසනාව ද? රටේ අවාසනාවද?


මොහු මම නිතර යන එන බස් නැවතුමක් අසල සිටින පුද්ගලයෙකි.
අත පය හොදින් ති‍බියදි ඔහු ජිවිතය ගෙවයි ඵලක් නොමැති ලෙස
ඔහු කරන්නේ බසයට මගින් පැටවිමට (ලෝඩ්) කැගැසිම පමණයි.
මා සිතින අකාරයට ඔහුට එයට වඩා යමක් කිරිමට හැකියාව ඇත නමුත් ඔහු එසේ නොකරයි
එය ඔහු‍ගේ අවාසනාවද නැතහොත් අප රටේ අවාසනාවද ??????????
මෙසේ මිනිසුන් කිදෙනෙක් අප‍ රටේ සිටිද?
මොහුට මා දැක ඇති අකාරයට එක් බසයකින් ලැබෙන්නේ රුපියල් 20 නැතිනම් 30 කි
මෙසේ මොහු බස් රථ 30කට මගින් ලෝඩ් කරත් ඔහුට දිනකට ලැබෙන්නේ රු. 600 කි.
මසකට රු. 18000 කි. නමුත් මොහු එය නිසි ලෙස විදයම් කරන්නේද මම නොදනිමි.
නමුත් මම යම් දෙයක් දනිමි. එනම් ඔහු සිගරට් බොන බවයි.
ඔහු මෙසේ සිටිමින් මේ පමණ මුදලක් සොයන්නේ නම් ඔහුට අතපය වෙහෙසා වැඩ කර
උපයා ගත හැකි මුදල කොපණද දැයි ඔහු නිකමට සිතුවා නම් ඔහුගේ ස්වාභාවය මෙයට
වඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. නමුත් ඔහුට එසේ නොසිතිම ඔහුගේ අවාසනාවද ර‍ටේ අවාසනාවද??????
මම නොදනිමි.
ඔබත් මෙවැනි පුද්ගලයන් දැක ඇතැයි මම සිතමි.

Monday, September 7, 2009

ආගමික භක්තිය හා ‍ව්‍යාපරය.


මා ලියන මාතෘකාවෙන් බැහැර මාතෘකාවක් ලිවිමට මට සිතුණි. ඒ දිනක් මා දුටු යම් සිද්ධියක් හේතු කොට මෙය ගැන ලිවිමට මගේ සිත මට බල කරන්නට විය. එම නිසා මම මෙම සිද්ධිය ගැන ලියන්නට විය. එය මෙසේ විය. මා එය පලමු වරට දැක තිබුණද මා ඒ ගැන සිතන්නට නොගිය අතර යලිත් සතියකට පමණ පෙර නැවත මා එය දුටු විය මාගේ මතකය අලුත් විය. එය නම් දිනක කොලඹ පදේශයේ පතල ඖෂධ ශාලාවකට ගිය විටයි.මා එම ඖෂධ ශාලාවට ගියේ සවස 6.20 පමණය. නමුත් එදා වෙනදා මෙන් නොව වැහි අදුරද තිබු අතර වෙනදාට වඩා අදුරද ඉක්මනින් ගලා විත් තිබුණි. නමුත් අන් දිනයක් දි මෙන් නොව ඹෟෂධ ශාලාවද අදුරේ ගිලි තිබුණි. එසේ තිබියදි පවා එම ස්ථානයේ සේවකයන්ද එම අදුර නොතකා පරිබෝගිකයන්ගේ උවමනා තෘප්තිමත් කරමින් සිටි. එවිට වේලාව සවස 6.45 පමණ විය. විනාඩි කිහිපයක් ගත වු අතර එම වෙළද සැලේ අයිතිකරු පැමිණි අතර එතුමා වෙළද සැලේ ඉහළින් තිබු බුදු පහන සහ අනෙකුත් දෙවියන් කිහිපදෙනෙක් සදහා ද පහන් පත්තු කර ගාථා කියවා වෙ‍ළදසැලේ සේවකයන්ට "ආ හරි ලයිට් දාන්න" කිවේය. ඉන්පසු සේවකයින් විසින් ලයිට් පත්තු කලේය. එවිට වේලාව 7.00 පසු වි තිබුණි. මෙය ආගමික භක්තිය හා සම්බන්ධ බව මා තේරුම් ගත්තේ මේ වේලාවේය. ලංකාවේ මෙවැනි ව්‍යාපර තව කොතෙකුත් ඇත්දැයි මට ඒ මොහොතේ මනසට දැනෙන්නට විය.

අදහස් දක්වන්න අමතක කරන්න එපා.

Tuesday, August 25, 2009

උත්තේජනය



ලියන්නට සිතුණි මට මම ඒ නිසා ලියන්නේමි
ධෛර්යය දුන්නේමි මට යමෙකු ලියන්නට‍‍
ඒ නිසා ලියන්නෙම් මම ඒ ලැබු උත්තේජනයෙන්
ලියන්නට පුලුවන් සැම දෙයක් ගැනම
රස විදින්නට පුලුවන් සැම දෙයක් ගැනම
කියවන්නට පුලුවන් සැම දෙයක් ගැනම
ලියන්නට සිතුවෙමි මම.

මා කුමක් ලියුවත්
අනෙකෙකුට කුමක් රස විදිමට සැලසුවත්
තව කෙකුට යමක් කියවන්න සැලැස් වුවත්
පලමු මම යමක් කරන්නේමි
එනම්
පළමුව ස්තුති කරන්නෙමි
මා
මා හට ධෛර්යය දුන් පුද්ගලයාට අද.

සබද ,
ඔබට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි
නැවත නැවතත් මගේ හෘදයාංගම ස්තුතිය
ඔබට පුද කරමි මිතුර.

Monday, August 10, 2009

මට නොතේරේන දේ‍.

අද මම ලියනවා මොනවා හරි
මොනවා ගැනද ?
මාතෘකාවක් මතක් වන්නේ නැත මට මොකක් ගැන ලියන්ද මම
ආදරය හා වෛරය වැනි බො‍හෝ දෙනා කතා කරන මාතෘකා ඇත ඹිනැ තරම්
නමුත් මා ‍කුමන මාතෘකාවක් ගැන කැටි කරන්නද
නොතේරේ මට

ලියමි මම වෛරය ගැන මොන ලියන්නද මා වෛරය ගැන මගේ සිතේ ඇති ‍දේ
ලියන්නට දෙයක් නැත වෛරය ගැන මක් නිසදෝ මම ටික කලක සිට වෛර කිරිම පිළිබද මා හට තිබු අසාව අත හැරුනිසා
මා කාහට කරන වෛරයක් ගැන ලියන්නද ?
එයත් මම නොදනිමි මක්කද යත් මා වෛර නොකරන නිසාවෙන්
නමුත් සමහර මිනිසුන් වෛර කිරිම නතර නොකොට ඇත මට
ඒ සදහා වු හේතුව මමත් නොදනිමි. ඔවුන් අතර විශේෂයෙන්ම ඇත්තේ මාගේ යහලුවන්ය.

නැත, මම ලියන්නේමි ආදරය ගැන එත්......................
එහි ත් ලියන්නට දෙයක් නැත මට මක් නිසද යත් මා කාහටවත් ආදරය නොකරන නිසවෙනි.
මා ආදරය නොකරනවා කි නමුත් මා ආදරය කරන කිහිප දෙනෙක් ඇත ඒ මාගේ පවුලේ උදවියයි.
සමහරුන්ට මා ආදරය කල නමුත් ඔවුන් මා හට අදාරය නොකල නිසා මමත් දැන් ඔවුන් ආදරය නොකරති.
ඒ සදහා වු හේතුවද මම නොදනිමි.
කුමක් ලියන්නද මම ලියන්න කිසිවක් නැත.

Wednesday, July 8, 2009

අහිමි වු ඇයට.



පතිකුලයට යන සුරංගනාවිය
සමුගෙන කදුලු නෙතින්
අන්තිම ගිතය ඔබට ලියන්නට
මට අවසරද ඉතින්

ම‍ගේ හුස්ම ගිය දාකට
පාර අයිනෙ වළ දමාවි
යන එන අය සොහොන උඩින්
මලක් විසි කරලා යාවි

මගෙ දැන් ලොවෙහි ඔබ දෙදෙනා සිටින විට
පාලුව පලායයි සෙනෙහස නැගෙන විට
මිතු දම නැගි දුක සැප දෙක බෙදෙන විට
අපෙ හමුවිම දෛව‍යකැයි සිතෙහි මට

සුන්දර සිහිනයක් නොව මේ හමුවිම
සිතටත් බියක් දැනුනා මේ එක්විම
කල හැකි දෙයක් නැත බව මට දැනුනාම
මා ගොලුවුනා ඇස ඉදිරියේ නොසිතාම

මට දැන් නොමැත ඔබලා හමුවන වරම
මට හිමි වුනේ ඔබලාගෙන් වෙන් විම
පැ සෙනෙහසට මගෙ කළ ගුණ සැලකිම
කවදා සිතන්නද යළි අපෙ හමුවිම

මා වැනි ‍අයෙකු ඇයි මෙතරම් පෙළබිම
රුපෙට වශි වී බොළදව මත්විම
වරදක් නොවෙද කෙල්ලක පසු පස යැම
මැය දෙවගනක් නොව වැරදියි වැටහිම

(ගන්තයකින් උපු‍ටා ගන්නා ලදි)

Tuesday, June 16, 2009

අසුන්දර අතිතය.

ඇයගේ මුහුණ උදැසන පිපි නෙලුමක් වැනිය
දෙකොපුල් නා දලු වැනිය
ඇයගේ සිනහව උදැසන වැටෙනා හිරු කිරණ වැනිය
අවිහිංසක බව රැදි දෙනෙත් යුගලද
පිලිවෙලට ගෙතා නිම කර ඇති කෙස් කලඔද
වශි කර ගනි ඇය දෙස බලනා සැවොම.

නමුත් කුමක් කරන්නද ඇය මට අහිම් විය
බොහෝ කලකට පෙර
දුටු වෙමි පෙර දිනක ඇය එවිට
මතකයට නැගුණි ඒ සුන්දර අතිතය
නමුදු දැන් එය අසුන්දරය.


(මේය වර්තමාන අතිතය හා සබැදි සිටි දැන්‍ නොමැති ඇය පිළිබදව ‍නොවේ)

එකල මගේ යහලුවන් මෙකල
මට මාලුවන්ය
ඒ අසුන්දර අතිතය මතක් වන විට
මාගේ සිත මටම බැණ වදි
කලකට පෙර මා‍හට තිබු සුන්දර අතිතය
අසුන්දර කිරිමට ඔවුන්ද එක්විය.

නමුත් අසුන්දර අතිතය නිසා
යමක් මට වැටහුණි
එනම් ජිවිතයෙ නිස්සාර බවයි.

ජිවිතය නිස්සාර වුවත්
ජිවිතයේ විදිම‍ට ‍බොහෝ දේ ඇත
නමුත් විදිනා සියලු දේ සතුටුදායක නොවේ
විදිනා දේ අතර කටුක දේ බොහෝය.

අසුන්දර අතිතයේ මා සිතා සි‍ටියේ මා ලොව සතුටින් සිටි පුද්ගලයෙකු බවයි.
නමුත් එකල සිටි එවුන් මා රවටා ඇත. මම දැන් පසුතැවෙමි.
කොතරම් මිනිසුන් ඇසුරු කලද අවසානයේ මට ඔවුන් හදුනාගැනිමට නොහැකිවිය.
මා අසරණවිය. දැන් මට කිරිමට කිසිවක් නොමැත මා කාලය කා දමමින් ජිවතය ගෙනවයි.
මා සැබැවින්ම කාලකණ්ණියෙක්ද? මා හට කිසිවිටක එසේ විය නොහැකි යැයි මා තරයේ විශ්වාස කල නමුත්
දැන් එය ‍එසේ නොවේ යැයි මට සිතේ.

අසුන්දර අතිතයක් සහිත නිස්සාර ජිවිතයකට මුහුණු දිමට හැකි නම් සුන්දර වර්තමානයක් ගොඩනාගා ගත හැකි යැයි මගේ අදහසයි.
එබැවින් මා‍ දැන් වෙහෙසෙන්නේ සුන්දර වර්තමානයකට පිය නැගිමටය.
ජිවිතයේ දි ‍මා යහලුවන් , ආදරය හැර අන් මුහුණ දුන් සියල්ලකම මම අපරා‍ජිතව සිටියෙමි.
දැන් මාගේ සුදානම නිස්සාර දිවියේ සිල්ලටම අපරාජිතම මුහුණ දිමටයි.
මා කෙසේ හෝ එයට මුහුණ දෙමි.

දැන් මාගේ සිමිත පාර්තනාව අතුරින් එකක් වන්නේ ලොව සියල්ලන්ටම මට මෙන් යාලුවන්(යාලු වෙසින් සිටිනා මාරයන්) හා මට ලැබුවා මෙන් ආදරයක්(‍බොරුවට කරනා ආදරයක්) හමු නොවන්නයි.