Friday, December 4, 2009

ඉරණමද ??


මේක මම ගොඩක් දවස් ඉදලා ලියන්න හිටිය මාතෘකාවක්

නමුත් වැඩ ගොඩකට මුහුණ දෙන්න වුන නිසා ලියන්න බැරි වුනා.
ඒ වගේම ඒ කතාව ඉවරවෙන්න ගොඩක් කල් ගියා.
සමහර විට එක ඉවර නැතුවත් ඇති මම මෙක දැක්කේ මම උදේ පාසලට යන කොට
ඒදා ‍පාරේ වෙනදා වගේ නෙමේ වෙනසක් තිබුණා ඒ ඉපදිලා සති 4ක විතර බලු පැට් තිදෙනක් හිටියා.
හැමදාම වගේ මම උදේ යනකොට ඒ තුන්දෙනා පාරේ සෙල්ලම් කරනවා.
ටික දවසක් යන කොට එතන දෙන්නයි හි‍ටියේ එත් මම හිතුවා එක්කෙනෙක්
කවුරු හරි ගෙනියන්න ඇති කියලා. දවසින් දවස මෙහෙම ගෙවිලා ගියා නමුත් දවසක් ඉතිරි
දෙදෙනා වෙනදා වගේම පාරේ සෙල්ලම් කරනවා. පාර මැද්දටම ඇවිල්ලා.
එත් එක්කම වගේ වේගයෙන් ආපු වාහානයක් යන්තම් තිරිංග තද කරලා එයලා ගාවම නවත්ත ගත්තා.
එතකොට තමයි මම දැන ගත්තතේ එයාලගේ අනෙක් සහෝදරයට වෙච්ච දේ
එක මට කිව්වේ ඒ වේලාවේ මාත් එක්කම හිටපු එදත් ඒ වේලාවේ හිටපු යලුවෙක්
ඉස්සෙල්ලා මම කිව්ව බලු පැටියට වෙලා තියෙන්නතේ මේ දේමයි නමුත් පොඩි වෙනසක් තිබ්බා
ඒ එදා වාහනය නවත්තන නැතුව ඒ බලු පැටියවත් යට කරගෙන ගිහින් තිබිමයි.
එදා ඉදලා මම මේ දෙන්නා ගැන බලා ගෙනම හිටියා. දෙන්න වෙනදා වගේම හැමදාම
සෙල්ලම් කර කර හිටියා. නමුත් දවසක් එතැන හිටියේ එකම එක බලු පැටියයි.
තව කෙනෙක් අතුරුදන් වෙලා සමහර විට එයාව කවුරුහරි එක්ක යන්න ඇති නැත්තම් අනෙක්
කෙනාට වුනු දේ වුනාද දන්නනේ නැහැ නමුත් මම එදා ඉදලා තවම ඒ බලු පැටියාව දැක්කෙ නැහැ.
මොවුන් තිදෙනා ඉපදුනේ එකට ජිවත් උනේ එකට නමුත් තුන්දෙනාට උනේ වෙන වෙන සිද්ධි දාමයන්
මෙසේ විම එයාලා තිදෙනාගේ ඉරණමද ???
මට හිතේන විදිහට මිනිස්සුන්ටත් මෙහෙ වෙනවා සමහර අය එකට ඉපදෙනවා සමහරු එකය ජිවත් වෙනවා
නමුත් කවදාහරි ඔවුන් වෙන් වෙනවා. මිනාසාගෙයි සත්තුන්ගෙයි වෙනස නම් මිනිස්සු මේක තේරුම් ගෙන
ජිවත් විමයි ( එසේ තේරුම් නොගන්නා මිනිසුන්ද නැතුවා‍ම නොවේ)
සමහර විට.......... මේකට වෙන්නැති ඉරණම කියන්නේ.

5 දෙනෙක් අදහස් දක්වලා.:

  1. සංසාරේ සංසාරේ

    ReplyDelete
  2. නමුත් මේ කතන්දරේ ඔබ විස්තර කරන හැමතැනකම අර බලු පැටියන් තිදෙනාට අමතරව කොලු පැටියෙකුත් සිටියා නේද?

    ඒ කොලු පැටියා ක්‍රියාත්මක වුනා නම් බලු පැටියන් තුන්දෙනා තාමත් එකට ඉන්න තිබුනා. කතන්දරේ අග වෙනස් ඬෙන්නත් ඉඩ තිබුනා.

    කතන්දරකාරයා

    ReplyDelete
  3. කොලු පැටියෙක් හිටියා තමයි නමුත් එයා එකට හැකියාවක් තිබ්බෙ නැහැ

    ReplyDelete
  4. pasuwa pasu tawenawaata wadiya ea welaawema kala yuthu de karanna oena kiyalaa hitaa ganna dunnu upadesak me lipiya. . .!!

    ReplyDelete
  5. මක් කරන්නද මචං ඉතිං. දැං ගොඩක් මිනිස්සු කරන්නෙ ඒ වගේ අහිංසක සත්තු පාරට ‍ගෙනත් දාලා අතරමං කරන එක.
    සංසාරේ හැටි තමයි ඉතිං ඔය.....

    ReplyDelete